Ultimate magazine theme for WordPress.

කොන්වේ වෙනුවට ඩැරල් මිචෙල් නවසීලන්ත ටෙස්ට් සංචිතයට

ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක ඩැරල් මිචෙල් කැදවා තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්ව සිටින ඩෙවෝන් කොන්වේ වෙනුවටයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී කොන්වේ අතක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් අද(14) ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී තිබෙනවා.

අද තරගයෙන් අනතුරුව නවසීලන්ත කණ්ඩායම හෙට(15) දිනයේ දී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදී දෙරට අතර 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් පැවැත්වෙන අතර, පළමු 20යි 20 තරගය ලබන 17 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.