Ultimate magazine theme for WordPress.

කොදෙව් සංචාරයට එංගලන්ත 20යි 20 සංචිතය නම් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති වමත් වේග පන්දු යවන ක්‍රීඩක 30 හැවිරිදි David Payne පළමු වරට එංගලන්ත 20යි 20 සංචිතයට නම් කර තිබෙනවා.

නිත්‍ය පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මෙම තරගාවලියට එක් නොවන බැවින් පෝල් කොලින්වුඩ් මෙම තරගාවලියේ දී පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මාර්කස් ට්‍රෙස්කොතික්.

ජනවාරි 22 වනදා සිට 30 වනදා දක්වා බාර්බඩෝස් හී දී තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

Squad:

Eoin Morgan (c), Moeen Ali, Tom Banton, Sam Billings, Liam Dawson, George Garton, Chris Jordan, Liam Livingstone, Saqib Mahmood, Tymal Mills, David Payne, Adil Rashid, Jason Roy, Phil Salt, Reece Topley, James Vince.