Ultimate magazine theme for WordPress.

කොදෙව් තරගාවලිය අවධානමක ; ශ්‍රී ලංකා පුහුණුකරුවෙකුට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ශේන් මැක්ඩර්මෝට්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු මේ වන විට සෙසු සාමාජිකයින්ගෙන් හුදෙකලා කර ඇති බව සදහන්.

ඔහුට තවත් වෛද්‍ය පරීක්ෂණයක් ද සිදු කිරීමට නියමිතව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ගාල්ලේ රැදී සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන්.

ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ කිසිදු ක්‍රීඩකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment