කොදෙව් ක්රීඩක ක්රීඩිකාවන් රැසකට වසර දෙකකට කොන්ත්රාත්තු
පිරිමි හා කාන්තා ක්රිකට් කණ්ඩායම්වල ප්රධාන ක්රීඩක ක්රීඩිකාවන් කිහිපදෙනෙකුට වසර දෙකක කොන්ත්රාත්තු පිරිනැමීමට බටහිර ඉන්දීය කොදෙව් ක්රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පිරිමි එක්දින කණ්ඩායමේ නායක ෂේයි හෝප්ට මෙන්ම කාන්තා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායිකා හෙයිලි මැතිව්ස්ට ද වසර දෙකක කොන්ත්රාත් ගිවිසුම් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.
ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්රියාත්මක වන පරිදි නව කොන්ත්රාත් ගිවිසුම් අත්සන් තබා ඇති බව සදහන්.
වසරක කාලයක් සදහා වලංගු වන කොන්ත්රාත් ගිවිසුම්වල කාලය 2025 වසරේ සැප්තැම්බර් 30 වනදායි අවසන් වනවා. වසර දෙකක කාලයක් වලංගු වන කොන්ත්රාත්තු 2026 වසරේ සැප්තැම්බර් 30 වනදායින් අවසන් වනවා.
ක්රීඩකයින් 15 දෙනෙකුට කොන්ත්රාත් ගිවිසුම් පිරිනමා ඇති අතර, ඉන් හය දෙනෙකුට වසර දෙකක කොන්ත්රාත්තු ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.
- WI men’s contracts
Two-year deals: Shai Hope, Alzarri Joseph, Shamar Joseph, Brandon King, Gudakesh Motie and Jayden Seales
One-year deals: Alick Athanaze, Kraigg Brathwaite, Keacy Carty, Roston Chase, Joshua Da Silva, Kavem Hodge, Akeal Hosein, Romario Shepherd and Rovman Powell
- WI women’s contracts
Two-year deals: Shemaine Campbelle, Hayley Matthews and Stafanie Taylor
One-year deals: Aaliyah Alleyne, Shamilia Connell, Deandra Dottin, Afy Fletcher, Cherry-Ann Fraser, Chinelle Henry, Zaida James, Qiana Joseph, Chedean Nation, Karishma Ramharack, Rashada Williams and Ashmini Munisar