Ultimate magazine theme for WordPress.

කොදෙව් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද(8) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

මෙම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගාවලිය වීම ද විශේෂත්වයක්.

කොදෙව් කණ්ඩායම නොවැම්බර් 14 වනදා සිට 17 වනදා දක්වා කොළඹ දී පුහුණු තරගයකට ද එක් වීමට නියමිතයි.

අනතුරුව පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වනදා ද ආරම්භ වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ALSO READ : ශ්‍රී ලංකාවට එරෙහි කොදෙව් සංචිතය නම් කෙරේ , ගේබ්‍රියල්ට යළි කැදවීමක්

SLC
SLC