Ultimate magazine theme for WordPress.

කොදෙව් කණ්ඩායමේ නව නායකයා හා උප නායකයා නිවේදනය කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා 20යි 20 නායකයා ලෙස නිකලස් පූරාන් පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කයිරන් පොලාඩ් පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය හේතුවෙන්.

පොලාඩ් නායකයා ලෙස කටයුතු කරන අතරතුර පසුගිය වසරක පමණ කාලයේ දී කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කළේ නිකලස් පූරාන්.

කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ එළඹෙන අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී මෙන්ම 2023 වසරේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද කොදෙව් කණ්ඩායම මෙහෙය වීමේ වගකීම පූරාන්ට පැවරෙන බවයි.

එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කිරීමට නිර්දේශ කර ඇත්තේ ෂේයි හෝප්.

පොලාඩ් ක්‍රීඩා නොකරන අවස්ථාවලදී මීට පෙර ද කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස නිකලස් පූරාන් කටයුතු කළා.

පූරාන්ගේ නායකත්වය යටතේ කොදෙව් කණ්ඩායම 2021 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව 20යි 20 තරගාවලි ජයක් ද වාර්තා කිරීමට සමත් වුණා.

නෙදර්ලන්තය සමග මැයි 31 වැනිදා ආරම්භ වන තරග 3කින් යුත් එක්දින තරගාවලිය පූරාන්ගේ නිත්‍ය නායකත්වය යටතේ කොදෙව් කණ්ඩායම මුහුණ දෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය බවට පත් වනු ඇති.