Ultimate magazine theme for WordPress.

කොදෙව් එක්දින හා 20යි 20 නව නායකයින් දෙදෙනා නිවේදනය කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩායම්වල නව නායකයින් එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව කොදෙව් එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කර ඇත්තේ කඩුලු රකින පිතිකරු ෂේයි හෝප්.

එරට 20යි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක රොව්මන් පවෙල් කටයුතු කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ පැවැති පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පසුගිය නොවැම්බර් මාසයේ දී සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ නිකලස් පූරාන් වෙනුවටයි මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ.

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරයට අයත් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියෙන් පසුව දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ද ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලි මෙම නව නායකයින්ගේ පළමු අභියෝගය බවට පත් වනු ඇති.