Ultimate magazine theme for WordPress.

කොදෙව්වන් හමුවේ දෙවැනි 20යි 20 තරගයෙනුත් ඔස්ට්‍රේලියාව පරදියි

ශිම්රන් හෙට්මයර්ගේ සුපිරි ප්‍රහාරයෙන් හා පන්දු යවන්නන්ගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියා හි පැවැති දෙවන පන්දුවාර 20යි 20 තරගයෙන් ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(11) සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 194ක් රැස් කළා.

හෙට්මයර් පන්දු 36කින් ලකුණු 61ක් ලබා ගත්තේ හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සමගින්.

ඩ්වේයන් බ්‍රාවෝ පන්දු 34කින් ලකුණු 47ක් ලබා ගත් අතර, ඇන්ඩ්‍රි රසල් පන්දු 8කින් ලකුණු 24ක් ලබා ගත්තා. ලෙන්ඩ්ල් සිමන්ස් ලකුණු 30යි.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ්, ඇෂ්ටන් ඒගාර් හා මිචෙල් මාෂ් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 19.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 140ක් පමණයි.

මිචෙල් මාෂ් ලකුණු 54ක්, මොයිසස් හෙන්රික්ස් ලකුණු 19ක් හා ජොෂ් පිලිපී ලකුණු 13ක් රැස් කළ අතර, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී හෙයිඩ්න් වොල්ෂ් ලකුණු 29කට කඩුලු 3ක් ද, ශෙල්ඩන් කොට්‍රෙල් ලකුණු 22කට කඩුලු 2ක් ද බිද හෙලුවා.

මෙම ජයග්‍රහනයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද කොදෙව්වන් සමත් වුණා.