Ultimate magazine theme for WordPress.

කොදෙව්වන් එක්සත් අරාබියට එරෙහිව එක්දින තරගාවලියකට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ලබන මාසයේ දී සාජා හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

සිම්බාබ්වේ හී දී ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙරහුරුවක් වශයෙන් මෙම තරගාවලිය යොදා ගැනීමටයි දෙරටේ ක්‍රිකට් ආයතන කටයුතු යොදා ඇත්තේ.

දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන එක්දින තරග තුන ජූනි 5, 7 හා 9 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය අවසන් වීමෙන් පසුව කණ්ඩායම් දෙකම සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 10 ක් සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් කණ්ඩායම් දෙකක් පමණක් ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට නියමිතයි.