Ultimate magazine theme for WordPress.

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කෙරේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ සිනෙත් ජයවර්ධනයි.

මල්ෂ තරුපති උප නායකයා ලෙස පත් කර ඇති අතර, කඩුලු රකින පිතිකරුවන් ලෙස දිනිරු අබේවික්‍රමසිංහ, හිරාන් ජයසුන්දර හා සරුජන් ශන්මුගනාදන් යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත්.

කොදෙව් යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී ඔවුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග 3ක් හා සිව්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එක්දින තරගාවලිය අගෝස්තු 27, 30 හා සැප්තැම්බර් 1 යන දිනවලදී දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු සිව්දින තරගය ආරම්භ වන්නේ සැප්තැම්බර් 5 වැනිදායි. දෙවැනි සිව්දින තරගය සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වනවා.

සිව්දින තරග දෙකම පැවැත්වීමට නියමිතව ඇත්තේ ද දඹුල්ල ක්‍රීඩාංගනයේ දී යි.

ශ්‍රී ලංකා යොවුන් සංචිතය –

  1. Sineth Jayawardena – (Captain): Royal College, Colombo
  2. Pulindu Perera Dharmaraja: College, Kandy
  3. Supun Waduge: Trinity College, Kandy
  4. Rushanda Gamage: St. Peters College, Colombo
  5. Diniru Abeywickramasinghe: (Wk/Batsman) St. Servatius College, Matara
  6. Ravishan Nethsara: P.de.S. Kularatne, Galle
  7. Hiran Jayasundera ( Wk/Batsman): St. Joseph’s College – Colombo
  8. Sarujan Shanmuganathan (Wk/Batsman): St. Benedicts College, Kotahena
  9. Vishwa Lahiru: Sri Sumangala College,Panadura
  10. Vishen Halambage: St. Peters College, Colombo
  11. Malsha Tharupathi – (Vice Captain): Richmond College, Galle
  12. Tharana Wimaladharama: Trinity College, Kandy
  13. Kaveeshan Piyumal: St. Anthony’s College,Katugastota
  14. Vihas Thewmika: Thurstan College, Colombo
  15. Janith Fernando: St. Joseph Vaz, Wennappuwa
  16. Dinura Kalupahana: Mahinda College, Galle
  17. Pathum Malitha: Dharmasoka College,Ambalangoda
  18. Ruvishan Perera: Ananda College, Colombo
  19. Garuka Sanketh: Lyceum International
  20. Vishwa Rajapaksa: St. Joseph Vaz, Wennappuwa