Ultimate magazine theme for WordPress.

කොදෙව්වන්ට එරෙහි පුහුණු තරගයේ නායකත්වය අසලංකට ; සම්පූර්ණ සංචිතය මෙන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අයත් සිව්දින පුහුණු තරගය සදහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ සංචිතය අද(13) ප්‍රකාශයට පත් කළා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ චරිත් අසලංකටයි.

රොෂේන් සිල්වා ද මෙම සංචිතයට කැදවා ඇති අතර, චාමික කරුණාරත්න ද ඊට ඇතුළත්.

ලක්ෂාන් සදකැන්, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු හා රමේෂ් මෙන්ඩිස් වැනි ටෙස්ට් ක්‍රීඩකයින් ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

පාකිස්තාන A කණ්ඩායම සමග පැවැති සිව්දින තරගාවලියේ දී දක්ෂතා දැක් වූ 20 හැවිරිදි කමිල් මිෂාර ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම පුහුණු තරගය හෙට(14) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

SLC President’s XI Squad :

01) Charith Asalanka – Captain
02) Pathum Nissanka
03) Oshada Fernando
04) Dhananjaya de Silva
05) Roshen Silva
06) Minod Bhanuka ( WK)
07) Chamika Karunaratne
08) Asitha Fernando
09) Kamil Mishara
10) Chamika Gunasekera
11) Suminda Lakshan
12) Lakshan Sandakan
13) Ramesh Mendis
14) Lasith Embuldeniya
15) Vishwa Fernando

Leave a comment
logo