කොදෙව්වන්ට අයි.සී.සීයෙන් දඩුවම්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් දඩ නියම කර තිබෙනවා.
ඒ, ඉන්දියාව සමග පසුගිය සිකුරාදා (29) ට්‍රිනිඩෑඩ්හි පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී පන්දුවාර යැවීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්.
නියමිත කාලය අවසන් වන විට ඔවුන්ට එක් පන්දුවාරයක් යවා නිමා කිරීමට නොහැකි වී ඇති බවත්, ඒ අනුව තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවා ඇති බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.
අයි.සී.සී තරග තීරක රිචී රිචර්ඩ්සන් විසින් මෙම දඩ නියම කිරීම සිදු කර තිබෙනවා.
කොදෙව් නායක නිකලස් පූරාන් විසින් වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු වන්නේ නැහැ.