කොදෙව්වන්ගෙන් ප්‍රසාද ලකුණු 2ක් කපා හරියි
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට හිමිව තිබූ ප්‍රසාද ලකුණු දෙකක් කපා හැරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා.
ඒ, එංගලන්තය සමග නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී පන්දුවාර යැවීමට වැඩි කාල වේලාවක් ගත කිරීම හේතුවෙන්.
ඔවුන් පන්දුවාර දෙකක් නියමිත කාලය තුළ යවා නිමා කිරීමට අපොහොසත්ව තිබූ බව සදහන්.
ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40%ක දඩ මුදලක් පැනවීමට ද අයි.සී.සී තරග තීරක රිචී රිචර්ඩ්සන් පියවර ගෙන තිබෙනවා.
කොදෙව් නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් වරද පිළිගෙන ඇති බවයි අයි.සී.සී ය නිවේදනය කළේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු නොකරනු ඇති.
මේ වන විට කොදෙව් කණ්ඩායමට ප්‍රසාද ලකුණු 14ක් පමණක් හිමිව ඇති අතර, 23.33% ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය බාර්බඩෝස් හී දී බදාදා(16) ආරම්භ වීමට නියමිතයි.
එම තරගය සදහා වන ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයක් කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළ අතර, පළමු තරගයට නම් කළ සංචිතය හා සැසදීමේ දී දෙවැනි තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.
West Indies squad for second Test:
Kraigg Brathwaite (c), Jermaine Blackwood, Nkrumah Bonner, Shamarh Brooks, John Campbell, Joshua Da Silva, Jason Holder, Alzarri Joseph, Kyle Mayers, Veerasammy Permaul, Anderson Phillip, Kemar Roach, Jayden Seales