කේන් විලියම්සන් ගැන සුබ ආරංචියක්

නවසීලන්ත එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක කේන් විලියම්සන් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට නම් කරන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.
ඔහු පසුගිය මාර්තු මාසයේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටියදී දණහිසක ආබාධයකට ලක් වූ අතර, අනතුරුව ශල්‍යකර්මයකට ද ලක් කෙරුණා. ඒ හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලිය ද ඔහුට අහිමි වනු ඇති බවටයි මීට පෙර අපේක්ෂා කෙරුණේ.
කෙසේ වෙතත්, විලියම්සන් මේ වන විට ඉතා හොදින් සුවය ලබමින් සිටින බැවින් ඔහුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කරන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.
එලෙස ඔහුව සංචිතයට නම් කළ ද, ලෝක කුසලානයේ පළමු තරගය සදහා විලියම්සන්ට ක්‍රීඩා කළ හැකි බවට සහතික විය නොහැකි බවයි නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටීඩ් සදහන් කළේ.
ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ දී ඔහුට කොපමණ තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ හැකි දැයි මෙතෙක් නිශ්චිතව වාර්තා වන්නේ නැහැ.
විලියම්සන් මේ දිනවල නවසීලන්ත සංචිතය සමග එංගලන්තයේ රැදී සිටින අතර, එහිදී ඔහු තරග සදහා ක්‍රීඩා නොකළ ද, සිය පුනරුත්තාපන කටයුතුවල අඛණ්ඩව නිරත වෙමින් සිටිනවා.
ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය එළඹෙන 11 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.