Ultimate magazine theme for WordPress.

කේන් යළි නවසීලන්තය බලා පිටව යයි

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත් වී යළි නවසීලන්තය බලා පිටත්ව යාමට තීරණය කර තිබෙනවා.

ඒ, ඔහුගේ බිරිඳ ඔවුන්ගේ දෙවැනි දරු උපත වෙනුවෙන් මේ වන විට සූදානමින් පසුවන බැවින්.

ඒ අනුව ඔහුට සන්රයිසස් කණ්ඩායම මෙවර තරඟ වාරයේ දී ක්‍රීඩා කරන මූලික වටයේ අවසන් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ.

එම තරගය ලබන 22 වැනිදා පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

එම තරගයේදී සන්රයිසස් කණ්ඩායමේ නායකත්වය දැරීමේ අවස්ථාව බුවනේෂ්වර් කුමාර්, ඒඩ්න් මාක්‍රම් හෝ නිකලස් පූරාන් වැනි ක්‍රීඩකයින්ගෙන් එක් අයෙකුට හිමි වනු ඇති.

සන්රයිසස් කණ්ඩායම මෙවර තරඟාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගතහොත් කේන් විලියම්සන් යළි අයි.පී.එල් තරගාවලියට එක් වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.