Ultimate magazine theme for WordPress.

කුසල් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වෙයි ; තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුටත් පොලිස් තනතුරු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සිව් දෙනෙකු අද නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමග එක්ව තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් පසුගිය වසරේ සිට පොලිස් කණ්ඩායම නියෝජනය කරමින් දේශීය තරග සදහා එක්ව සිටියා.

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, හිටපු මැදපෙල පිතිකරුවෙකු වූ චාමර සිල්වා, වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් හා මැදපෙල පිතිකරු අශේන් බණ්ඩාර මෙලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් එක් වුණා.

කුසල් ජනිත් පෙරේරා හා චාමර සිල්වා පත් කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ලෙසයි.

අශේන් බණ්ඩාර හා නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින් පොලිස් පරීක්ෂකවරු ලෙස පොලිස් දෙපාර්තමේන්තුව සමග එක්ව තිබෙනවා.