කුසල් ජනිත් ගැන සුබ ආරංචියක්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර හෙට(12) පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා කුසල් ජනිත් පෙරේරාට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බව වාර්තා වනවා.
ඒ, ඔහු අද පස්වරුවේ මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමත් සමගයි.
ජූලි මස මුල නිමා වූ එංගලන්ත තරග සංචාරයෙන් අනතුරුව කුසල් ජනිත් මෙතෙක් කිසිදු ජාත්‍යන්තර හෝ දේශිය තරගයක් ක්‍රීඩා කර නැහැ.
ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් සහ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.
ඔහුට හෙට තරගය ක්‍රීඩා කිරීමට හැකි වීමත් සමග බොහෝ දුරට භානුක රාජපක්ෂට කණ්ඩායමේ ස්ථානය අහිමි විය හැකියි.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවන තරගය හෙට රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
Good News 🚨
Kusal Janith Perera has passed the Fitness test held today evening and available for the selections of 2nd T20i match against South Africa.
📸 SLC #SriLankaCricket #SLvSA pic.twitter.com/qL48GvfXuf
— DANUSHKA ARAVINDA (@DanuskaAravinda) September 11, 2021