Ultimate magazine theme for WordPress.

කුසල් ජනිත්ට කොරෝනා ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහුට එළඹෙන දකුණු අප්‍රිකා තරගාවලිය ද ක්‍රීඩා කිරීම මේ වන විට අවිනිශ්චිත මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

එංගලන්ත තරග සංචාරයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු නිමා වූ ඉන්දීය තරගාවලි සදහා ද ක්‍රීඩා කළේ නැහැ.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති ආරාධිත පන්දුවාර 20යි 20 තරගාවලියෙන් ද ඔහුව විවේක ගැන්වීමටයි කටයුතු කර තිබුණේ.

ආබාධ සුව වීමත් සමග ඔහු පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර සිදු කළ PCR පරීක්ෂණයකිනුයි කුසල් ජනිත්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත්තේ.

Leave a comment