Ultimate magazine theme for WordPress.

කුසල් ජනිත්ට කොරෝනා ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහුට එළඹෙන දකුණු අප්‍රිකා තරගාවලිය ද ක්‍රීඩා කිරීම මේ වන විට අවිනිශ්චිත මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

එංගලන්ත තරග සංචාරයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු නිමා වූ ඉන්දීය තරගාවලි සදහා ද ක්‍රීඩා කළේ නැහැ.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති ආරාධිත පන්දුවාර 20යි 20 තරගාවලියෙන් ද ඔහුව විවේක ගැන්වීමටයි කටයුතු කර තිබුණේ.

ආබාධ සුව වීමත් සමග ඔහු පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර සිදු කළ PCR පරීක්ෂණයකිනුයි කුසල් ජනිත්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත්තේ.