කුසල් ජනිත්ට අද තරගයත් අහිමි වෙයි

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද(10) පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව කුසල් ජනිත් පෙරේරාට අහිමි වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මෙම තරගයේ දී ද අවිශ්ක ප්‍රනාන්දු සමගින් දිනේෂ් චන්දිමාල් ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අංක 3 ස්ථානය යළිත් භානුක රාජපක්ෂට හිමි වීමට වැඩි ඉඩක් පවතිනවා.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
Bad News for 🇱🇰 Fans
Kusal Janith Perera will miss the 1st T20i against South Africa.
📸 – SLC pic.twitter.com/QQIre3KmiP
— DANUSHKA ARAVINDA (@DanuskaAravinda) September 10, 2021