Ultimate magazine theme for WordPress.

කුෂ්දිල් ශාහ්ට දරුණු දඩයක් සමග දඩුවම් ලකුණු 3ක්

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක කුෂ්දිල් ශාහ්ට තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, ක්‍රයිස්චර්ච්හීදී නවසීලන්තයට එරෙහිව පැවැති පළමු පන්දුවාර විස්සයි 20 තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් දෙවැනි මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්.

දඩ මුදලට අමතරව ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු 3 ක් ද ඇතුළත් කර තිබෙනවා.

පාකිස්තාන ඉනිමේ 8 වැනි පන්දුවාරයේදී Zakary Foulkes ගේ පන්දුවකට පහරක් එල්ල කිරීමෙන් පසුව ලකුණු කරා පැති මාරු කිරීමේ දී පන්දු යවන්නාගේ ශරීරයේ ගැටීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

ඒ අනුව ඔහු විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.12 වගන්තිය එනම්, “inappropriate physical contact with a Player, Player Support Personnel, Umpire, Match Referee or any other person (including a spectator during an International Match).” වගන්තිය උල්ලංඝනය කර ඇති බවටයි චෝදනා එල්ල වුණේ.

සිය වරද හා දඩුවම කුෂ්දිල් විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.