Ultimate magazine theme for WordPress.

කැම්ප්බෙල්ගේ තත්ත්වය තවදුරටත් බරපතලයි : පවුලේ සාමාජිකයින්ගෙන් තහවුරු කිරීමක්

පසුගිය සෙනසුරාදා හෘදයාබාධයකට ලක් වූ නෙදර්ලන්ත පුහුණුකරු රයන් කැම්ප්බෙල් තවදුරටත් බරපතල තත්ත්වයෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලක ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයින් ද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අද(22) තහවුරු කළා.

දින කිහිපයන් රයන් කැම්ප්බෙල් කෝමා තත්ත්වයකට ද පත්ව සිටි අතර, මේ වන විට ඔහු එම අවධානමෙන් මිදී ඇති බවයි ඔහුගේ සහෝදරයා සදහන් කළේ.

කැම්ප්බෙල් 2017 වසරේ සිට නෙදර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

ඔහු ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම මෙන්ම හොංකොං ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්.