කැන්ඩි වොරියර්ස් නව නිල ඇදුම එළි දක්වයි

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩා කරන කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නිල ඇදුම අද(28) එළි දැක්වුණා.
පසුගිය තරග වාරයේ දී කැන්ඩි ටස්කර්ස් යන නමින් මහනුවර කණ්ඩායම එල්.පී.එල් තරගාවලියට එක් වූ අතර, ඔවුන්ගේ නිල ඇදුම සදහා ප්‍රේක්ෂකයින්ගෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවක් දක්නට ලැබුණේ නැහැ.
ඒ අනුව මෙවර තරග වාරය වෙනුවෙන් නව මුහුණුවරකින් එක්වන කැන්ඩ් වොරියර්ස් කණ්ඩායමේ නිල ඇදුම ඉතා ආකාර්ශනීය ලෙස නිර්මාණය කර ඇති බවක් දක්නට ලැබෙනවා.
කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වෙන මෙවර එල්.පී.එල් තරගාවලිය ලබන 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
නව නිල ඇදුම –
You asked for it, so here's the upgrade. The Warriors will don this new look on their way to conquer all this season. We are as excited as you are! 🤩#KandyWarriors #NuwaraMachan 🛡️⚔️ #LPL2021 pic.twitter.com/S37TVUxnWc
— Kandy Warriors (@KandyLPL) November 28, 2021