කාසියේ වාසිය ශ්‍රී ලංකාවට ; වැන්ඩර්සේට ටෙස්ට් වරම්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.
ඒ අනුව ඔහු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සේ ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව සදහා මෙම තරගයේ දී ප්‍රධාන දග පන්දු යවන්නන් තිදෙනෙකු හා එක් වේග පන්දු යවන්නෙකු ක්‍රීඩා කරනවා.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මෙම තරගය සදහා ආබාධයකට ලක්ව සිටි ට්‍රැවිස් හෙඩ් ක්‍රීඩා කරන අතර, ඒ අනුව ග්ලේන් මැක්ස්වෙල්ට 2017 වසරෙන් පසුව පළමු වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අද දිනයේ දී ද අහිමි වුණා.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI : Pathum Nissanka, Dimuth Karunaratne(c), Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Dinesh Chandimal, Niroshan Dickwella(w), Ramesh Mendis, Jeffrey Vandersay, Lasith Embuldeniya, Asitha Fernando
Australia XI : Usman Khawaja, David Warner, Marnus Labuschagne, Steven Smith, Travis Head, Cameron Green, Alex Carey(w), Pat Cummins(c), Mitchell Starc, Nathan Lyon, Mitchell Swepson