Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 3ක්; වාර්තාවක් සමග තීක්ෂණට එක්දින වරම්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කරන තීරණාත්මක අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ආරම්භ වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි ඔවුන් තීරණය කළේ.

ප්‍රථම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ අතර, දකුණු අප්‍රිකා කණ්ඩායම යළි තරගාවලියට අවතීර්ණ වෙමින් දෙවැනි තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 67 ක සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කළා.

මාස 18ක පමණ කාලයකින් මෙම කණ්ඩායම් දෙකම එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කර නොමැති පසුබිමකයි ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අද තරගයට එක් වන්නේ.

අද තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව 21 හැවිරිදි මහීෂ් තීක්ෂණ අද දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගෙන ඇති අතර, දිනේෂ් චන්දිමාල් හා කමිදු මෙන්ඩිස් ද කණ්ඩායමට කැදවා තිබෙනවා.

21 වන සියවසේ උපත ලබා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ මහීෂ් තීක්ෂණයි.

භානුක රාජපක්ෂ, අකිල ධනංජය හා මිනෝද් භානුක යන ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

දෙවැනි තරගයේදී යම් ආබාධයකට ලක්වූ කාගිසෝ රබාඩා දකුණු අප්‍රිකාව වෙනුවෙන් අද තරගයට ක්‍රීඩා කරන අතර, ඔවුන්ගේ කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර නැහැ.

කණ්ඩායම් දෙක –

Sri Lanka:

Avishka Fernando, Dinesh Chandimal, Kamindu Mendis, Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka, Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Maheesh Theekshana, Praveen Jayawickrama.

South Africa:

Aiden Markram, Janneman Malan, Reeza Hendricks, Rassie van der Dussen, Heinrich Klaasen, Andile Phehlukwayo, Wiaan Mulder, George Linde, Kagiso Rabada, Keshav Maharaj, Tabraiz Shamsi.