කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව දග පන්දු යවන්නන් තිදෙනෙකු සමග තරග බිමට

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ගාල්ලේ පැවැත්වෙන තරගයේ දී ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ශ්‍රී ලංකාව සදහා මෙම තරගයේ දී ද ප්‍රධාන දග පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කරන අතර, වේග පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කරන්නේ කසුන් රාජිතයි.
රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය හා මහීෂ් තීක්ෂන දග පන්දු යවන්නන් ලෙස පළමු තරගයට ක්‍රීඩා කරනවා.
පැතුම් නිස්සංකට කොවිඩ් 19 ආසාදනය වූ බැවින් ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු මෙම තරගයට නම් කර තිබෙනවා.
ධනංජය ද සිල්වාට කොවිඩ් 19 ආසාදනය වීම නිසා ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වූ කමිදු මෙන්ඩිස්ට අද තරගය අහිමි වී ඇත්තේ ධනංජය ද සිල්වා යළි කණ්ඩායමට පැමිණීම හේතුවෙන්.
මෙම තරගයේ දී පාකිස්තානය වෙනුවෙන් දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සල්මන් අලී ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
එමෙන්ම පා දග පන්දු යවන ක්‍රීඩක යසීර් ශාහ් සහ මොහොමඩ් නවාස් ද යළි එරට ටෙස්ට් කණ්ඩායමට කැදවා තිබෙනවා.
යසීර් ශාහ් ආබාධයකට ලක්ව සිටි අතර, ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර තිබුණේ 2021 වසරේ අගෝස්තු මාසයේ දී යි.
මොහොමඩ් නවාස් පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමට නම් කර ඇත්තේ වසර 6කට පමණ පසුව වීම ද කැපී පෙනෙනවා.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
Oshada Fernando, Dimuth Karunaratne (c), Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Dinesh Chandimal, Niroshan Dickwella (wk), Ramesh Mendis, Maheesh Theekshana, Prabath Jayasuriya, Kasun Rajitha
Pakistan XI:
Abdullah Shafique, Imam-ul-Haq, Azhar Ali, Babar Azam (c), Agha Salman, Mohammad Rizwan (wk), Mohammad Nawaz, Yasir Shah, Hasan Ali, Shaheen Afridi, Naseem Shah
— cric fun (@cric12222) July 16, 2022