කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාලියේ 29 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය හරාරේ හී දී පැවැත්වෙන අතර, අද තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
ඒ අනුව වනිදු හසරංග හා ධනංජය ද සිල්වා මෙම තරගයෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.
ඔවුන් දෙදෙනා වෙනුවට සහන් ආරච්චිගේ හා දුෂාන් හේමන්ත කණ්ඩායමට කැදවා තිබෙනවා.
සහන් ආරච්චිගේ ක්‍රීඩා කරන මංගල එක්දින ජාත්‍යන්තර තරගය මෙයයි.
කණ්ඩායම් දෙක –
West Indies XI:
Brandon King, Johnson Charles, Keacy Carty, Shai Hope (c & wk), Nicholas Pooran, Shamarh Brooks, Kyle Mayers, Roston Chase, Kevin Sinclair, Romario Shepherd, Akeal Hosein
Sri Lanka XI:
Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis (wk), Sadeera Samarawickrama, Charith Asalanka, Sahan Arachchige, Dasun Shanaka (c), Dushan Hemantha, Maheesh Theekshana, Matheesha Pathirana, Dilshan Madushanka