Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් එංගලන්තයට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ප්‍රමෝද් මදුෂාන් වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් ඔස්ට්‍රේලියාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, එංගලන්තය ජය ගතහොත් එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

England XI:

JC Buttler, AD Hales, DJ Malan, BA Stokes, HC Brook, MM Ali, LS Livingstone, SM Curran, CR Woakes, AU Rashid, MA Wood

Sri Lanka XI:

P Nissanka, Kusal Mendis, DM de Silva, KIC Asalanka, PBB Rajapaksa, MD Shanaka, W Hasaranga, C Karunaratne, M Theekshana, CBRLS Kumara, CAK Rajitha