කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට ; ඇන්ඩර්සන්ගෙන් නව ලෝක වාර්තාවක්

එංගලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව මැන්චෙස්ටර්හි Emirates Old Trafford ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි ඔවුන් තීරණය කළේ.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙම තරගය සදහා මාර්කෝ ජන්සෙන් වෙනුවට සයිමන් හාර්මර් කණ්ඩායමට නම් කර තිබෙනවා.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඔලී රොබින්සන් යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහු එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ ජනවාරි මාසයේ දී නිමා වූ අලුබදුන තරගාවලියෙන් පසුව පළමු වරටයි.
මැට් පෝට්ස් වෙනුවටයි ඔහු කණ්ඩායමට කැදවා ඇත්තේ.
මේ අතර, මෙම තරගය එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සිය රටේ දී ක්‍රීඩා කරන 100 වැනි ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්.
ඔහු ඉතිහාසගත වන්නේ තම රටේදී ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කළ ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ දකුණු අප්‍රිකාවයි.
England XI:
Alex Lees, Zak Crawley, Ollie Pope, Joe Root, Jonny Bairstow, Ben Stokes (c), Ben Foakes (wk), Ollie Robinson, Stuart Broad, Jack Leach, James Anderson
South Africa XI:
Dean Elgar (c), Sarel Erwee, Keegan Petersen, Aiden Markram, Rassie van der Dussen, Kyle Verreynne (wk), Keshav Maharaj, Simon Harmer, Kagiso Rabada, Anrich Nortje, Lungi Ngidi