Ultimate magazine theme for WordPress.

ක්‍රීඩකයින් 20 දෙනෙකුට එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් කොන්ත්‍රාත්

2021-22 වසර සදහා වන නව ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් පිළිබද තොරතුරු එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් අද(8) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව රතු පන්දු හා සුදු පන්දු වශයෙන් කොටස් දෙකකට නොබෙදා, ක්‍රීඩකයින් 20 දෙනෙකු සදහා කොන්ත්‍රාත් පිරිනැමීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

ඔක්තෝබර් පළමු වැනිදා සිට මාස 12 ක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදි නව කොන්ත්‍රාත් පිරිනැමීම සිදු කර තිබෙනවා.

ප්‍රධාන කොන්ත්‍රාත් 20ට අමතරව වර්ධිත කොන්ත්‍රාත් (Increment Contracts) හා වේග පන්දු සංවර්ධිත කොන්ත්‍රාත් යනුවෙන් ද කාණ්ඩ දෙකක් යටතේ තවත් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොන්ත්‍රාත් ලබා දී තිබෙනවා.

ජැක් ලීච්, ඩාවිඩ් මලාන් හා ඔලී රොබින්සන් යන ක්‍රීඩකයින්ට පළමු වරට කොන්ත්‍රාත් හිමිව තිබීම විශේෂත්වයක්.

ලියම් ලිවින්ග්ස්ටන් පළමු වරට වර්ධිත කොන්ත්‍රාත්තුවක් හිමි කර ගෙන ඇති අතර, 2020/21 කාලයේ දී සීමිත පන්දුවාර කොන්ත්‍රාත්තුවකට හිමිකම් කියූ ටොම් කරන්ට යළිත් වර්ධිත කොන්ත්‍රාත්තුවක් හිමිව තිබෙනවා.

ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන ඩොම් සිබ්ලිට මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව නැහැ.

England Men’s Central Contracts :

Moeen Ali, James Anderson, Jofra Archer, Jonathan Bairstow, Stuart Broad, Rory Burns, Jos Buttler, Zak Crawley, Sam Curran, Jack Leach, Dawid Malan , Eoin Morgan , Ollie Pope, Adil Rashid , Ollie Robinson , Joe Root , Jason Roy , Ben Stokes , Chris Woakes , Mark Wood

England Increment Contracts :

Dom Bess, Tom Curran, Chris Jordan, Liam Livingstone

England Pace Bowling Development Contracts :

Saqib Mahmood, Craig Overton, Olly Stone

Leave a comment
x