Ultimate magazine theme for WordPress.

ක්‍රිස් ලින් නායකත්වයට සමු දෙයි

ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ක්‍රිස් ලින් බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන ලින් පසුගිය තරග වාරයේ දී සිය කණ්ඩායම තෙවැනි ස්ථානය දක්වා රැගෙන යාමට නායකත්වය දරනු ලැබුවා.

එම තරග වාරයේ දී බ්‍රිස්බේන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට (458) ද ඔහු පත් වුණේ පාදයක ආබාධයක් හේතුවෙන් තරග 5ක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ පසුබිමකයි.

ඔහු අවස්ථා දෙකකදී බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණා.

එහිදී තරග 48ක් සදහා ක්‍රිස් ලින් විසින් නායකත්වය දරනු ලැබුවා.

කණ්ඩායමේ නව නායකයා ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනු ඇති.