ක්‍රිස් ගේල් IPL ජෛව බුබුලෙන් ඉවත් වෙයි

පංජාබ් කිංග්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටීමේ දුෂ්කරතා හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි පංජාබ් කිංග්ස් කණ්ඩායම නිවේදනය කළේ.
පසුගිය මාස කිහිපයේ දී ම ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටීමත්, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමිනුත් ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
“පසුගිය මාස කිහිපයේ දී ම මම කොදෙව් ජෛව ආරක්ෂිත බුබුලේ, සී.පී.එල් බුබුලේ රැදී සිටියා, දැන් මම අයි.පී.එල් බුබුලේ රැදී සිටිනවා.” යනුවෙන් ගේල් සදහන් කළා.
“මම කැමතියි මාව මානසිකව යළි ප්‍රබෝධමත් කර ගන්න. මට අවශ්‍යයි කොදෙව් කණ්ඩායමට සහය වීම පිළිබද නැවත අවධානය යොමු කරන්න 20යි 20 ලෝක කුසලානය සදහා. මම කැමතියි විවේකයක් ගන්න ඩුබායිවලින්.”