“ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නෙවෙයි” – කපිල් දේව්

0 717

ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස හැදින්විය නොහැකි බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කපිල් දේව් පවසනවා.

නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී බංග්ලාදේශ සහ ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන්  අදහස් පල කරමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

“කවුද කියන්නේ ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කියලා. ඒක මහත්වරුන්ගේ ක්‍රීඩාව නෙවෙයි. හැබැයි ඒක මීට පෙර එහෙම වෙලා තිබුණා.”

යනුවෙන් 1983 වසරේ ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගත් ඉන්දීය කණ්ඩායමේ නායක කපිල් දේව් සදහන් කළා.

අවසන් තරගය බංග්ලාදේශය ජය ගැනීමෙන් පසුව ඔවුන් ජය සමරන අවස්ථාවේ දී ඉන්දීය ක්‍රීඩකයින් හා බංග්ලාදේශ ක්‍රීඩකයින් අතර මෙම ගැටුම්කාරී තත්ත්වය හට ගත් අතර, පසුව කණ්ඩායම් දෙකේම නායකයින් අදාළ සිද්ධිය පිළිබද කනගාටුව පල කර සිටියා.

ගැටුම හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ද කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් පස් දෙනෙකුට එරෙහිව තරග තහනම් පැනවීමට ද පියවර ගත්තා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ කපිල් දේව් සදහන් කර ඇත්තේ අදාළ ක්‍රීඩකයින්ට එරෙහිව ඉන්දීය ක්‍රිකට් ආයතනය ද දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි.

“මෙම සිද්ධිය මම හිතන්නේ භයානකයි කියල. ක්‍රිකට් ආයතන විසින් දැඩි තීරණයක් අද ගත යුතුයි. එහෙම වුණොත් හෙට දිනයේ දී මෙවැනි වැරැදි සිදු නොවේවි.”

“ඔබ තරගය පරාජයට පත් වූයේ නම් ඔබට අයිතියක් නෑ ක්‍රීඩාංගනයට ගිහිං කිසිවෙකුත් සමග රණ්ඩු කරන්න. නායකයාට, කළමණාකරුට සහ පිට හිටපු අයට මේකෙදි වැඩි දෝෂාරෝපණයක් සිදු කළ යුතුයි. ඔබ අවුරුදු 18ක තරුණයක් නම් මේක අවබෝධ කර ගන්නෙ නැහැ වෙන්න පුලුවන්. නමුත් ඔබ කළමණාකරුනම් මේ විදිහ අවස්ථා හැසිරවීම ඔබේ වගකීමක්.”

You might also like

Leave A Reply

Your email address will not be published.