Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් බළධාරීන් හා ජනපති අතර හමුවක් අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයින් ද එක්වන බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ.

එහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා දියුණු කළ යුතු ආකාරයට අදාළ කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට නියමිතයි.

ක්‍රීඩාවේ දියුණුව සදහා පවතින අවශ්‍යතා පිළිබදව ද මෙහිදී අවධානය යොමු වනු ඇති.