Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් නිලවරණයේ වගකීම ත්‍රිපුද්ගල කමිටුවකට පැවරෙයි

ADVERTISEMENT

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ, අද (07) රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අති විශේෂ මහා සභා රැස්වීමේදීයි.

ක්‍රීඩා පනතේ නීති සහ රෙගුලාසිවලට අනුකූලව පත් කර ගන්නා ලද එම ත්‍රිපුද්ගල කමිටුවට විශ්‍රාම ලත් අභියාචනාධිකරණ විනිසුරුවරියක වන මලනි ගුණරත්න, මහාධිකරණ විනිසුරුවරියක් වන ශිරෝමි පෙරේරා සහ අමාත්‍යාංශ කිහිපයක ප්‍රධාන ලේකම්වරයෙකු ලෙසින් සේවය කරන ලද ආචාර්ය ඩී.එම්.ආර්. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකත්වය විසින් ඒකමතිකව මෙම පත් කර ගැනීම සිදු කළ අතර, තේරී පත් වුණු මෙම කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමේ වගකීම පැවරෙනු ඇති.

කොළඹදී පැවැති අති විශේෂ මහා සභා රැස්වීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Leave a comment