Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් ගැන විශේෂ සාකච්ඡාවක් අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන් හා හිටපු ක්‍රිකට් නායකයින් ද එක්වන විශේෂ රැස්වීමක් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් සංවිධාන කර ඇති බව වාර්තා වනවා.

අද(19) දිනයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව සදහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිළධාරීන්ට ද මෙම සාකච්ඡාවට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් ද සාකච්ඡාවකට එක් වනු ඇති.

මෙම රැස්වීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.