ක්‍රිකට් ගැන ක්‍රීඩා ඇමතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සිදු කෙරේ

හිටපු හා වත්මන් ක්‍රිකට් බළධාරීන් හා ක්‍රීඩකයින් සමග සාර්ථක සාකච්ඡාවක් අද දින සිදු කළ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ක්‍රිකට් ආයතනයේ වත්මන් හා හිටපු සභාපතිවරුන්, නායකයින්, පරිපාලකයින් හා ක්‍රීඩකයින් එක් වූ මෙම සාකච්ඡාවට ක්‍රිකට් තාක්ෂණික කමිටුව ද එක්වූ බව සදහන්.
ශ්‍රී ලංකා ක්‍රිකට්හි වර්තමානය හා අනාගතය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ.
පොදු අරමුණක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන යාමට එක්ව කටයුතු කිරීමට මෙහිදී සියලු දෙනා එකග වී තිබෙනවා.