ක්‍රීඩා ඉතිහාසයේ පළමු එදිරිවාදීන්ගේ සටනින් ඇරඹෙන මෙවර T20 ලෝක කුසලානයේ සියලු තොරතුරු මෙන්න

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීම සදහා තවත් ඉතිරිව ඇත්තේ හෝරා කිහිපයක කාලයක් පමණයි.
තරගාවලියේ පළමු තරගය සෙනසුරාදා (ශ්‍රී ලංකා වේලාවෙන් ඉරිදා පෙරවරු 6ට) ඇමෙරිකාවේ ඩලස් හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ සම සත්කාරක ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව අතරයි.
ක්‍රිකට් ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර තරගය පවත්වා ඇත්තේ ද මෙම රටවල් දෙක අතර වීම විශේෂත්වයක්. 1844 වසරේ සැප්තැම්බර් මාසයේ දි නිව් යෝර්ක් හී දී එම තරගය පවත්වා තිබුණා. සැබවින්ම ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම එදිරිවාදීන් වන්නේ මෙම උතුරු ඇමෙරිකානු රටවල් දෙකයි.
තවද ඇමෙරිකාව හා කැනඩාව අතර පැවැති අදාළ තරගය ඕනෑම ක්‍රීඩාවක රටවල් දෙකක් අතර පැවැති පළමු ජාත්‍යන්තර තරගය ලෙස ද සැලකෙනවා.
තරගාවලියේ ආකෘතිය
තරගාවලියට ක්‍රීඩා කරන රටවල් 20 කාණ්ඩ 4 ක් යටතේ මූලික වටයේ දී තරග වැදීමට නියමිතයි. එහිදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින් ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව අයත් වන්නේ D කාණ්ඩයටයි.
කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු –
- A කාණ්ඩය : ඉන්දියාව, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, ඇමරිකාව
- B කාණ්ඩය : එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය, ඕමානය
- C කාණ්ඩය : නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ඝනිස්තානය, උගන්ඩාව, පැපුවා නිව් ගිනියාව
- D කාණ්ඩය : දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය, නේපාලය
මූලික වටයේ තරගවලින් පසුව සෑම කාණ්ඩයකම පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා රටවල් සුපිරි 8 වටය සදහා සුදුසුකම් ලබා ගන්නවා. සුපිරි 8 වටයේ දී කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට නියමිතයි.
මෙහිදී විශේෂත්වය වන්නේ මූලික වටයේ දී ඒ ඒ රටවල් සිය කාණ්ඩයේ හිමි කර ගන්නා ස්ථානය (1 හෝ 2) අනුව සුපිරි 8 වටයේ දී තමන් තරග වදින කාණ්ඩය කුමක්දැයි තීරණය නොවීමයි. ඒ වෙනුවට මේ වන විටත් ඒ ඒ රටවල්වලට මූලික වටයේ දී තම කාණ්ඩයේ ලබා දී ඇති ස්ථානය (Seeding) අනුව (1 හෝ 2) සුපිරි 8 වටයේ දී තමන්ට ලැබෙන කාණ්ඩය තීරණය වනු ඇති. (සුදුසුකම් ලැබුවහොත්)
T20 World Cup 2024 - Groups
Seeding | Group A | Group B | Group C | Group D |
1 | IND | ENG | NZ | SA |
2 | PAK | AUS | WI | SL |
3 | IRE | NAM | AFG | BAN |
4 | CAN | SCOT | UGA | NED |
5 | USA | OMN | PNG | NEP |
සුපිරි 8 වටයේ දී රටවල් කාණ්ඩගත වන ආකාරය –
Second Round (Super 8)
Group 1 | Group 2 |
A1 | A2 |
B2 | B1 |
C1 | C2 |
D2 | D1 |
ඒ අනුව උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව D2 ලෙස කාණ්ඩගත වී ඇති බැවින් ඔවුන් සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවහොත් එම වටයේ දී පළමු කාණ්ඩය යටතේ තරග වැදීමට සිදු වනවා.
එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ A1, B2 හා C1 ලෙස කාණ්ඩගත වී ඇති කණ්ඩායම්. එනම්, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවල් (එම රටවල් සුපිරි 8 වටයට සුදුසුකම් ලැබුවහොත්).
D කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට සුදුසුකම් ලබා නොගතහොත්, ශ්‍රී ලංකාවට හිමි D2 ස්ථානය සුපිරි 8 වටයේ දී හිමි කර ගන්නේ ශ්‍රී ලංකාව අභිබවා දෙවැනි වටයට සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායමටයි. ශ්‍රී ලංකාව සමග බංග්ලාදේශය (දකුණු අප්‍රිකාව වෙනුවට) මීළග වටයට සුදුසුකම් ලැබුවහොත් බංග්ලාදේශය D1 ලෙසත්, ශ්‍රී ලංකාව D2 ලෙසත් සලකනු ඇති.
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව යන රටවල් දෙකම සුපිරි 8 වටයට සුදුසුකම් ලබා නොගතහොත්, සුදුසුකම් ලබන රටවල් දෙක එම කාණ්ඩයේ හිමි කර ගන්නා ස්ථානය (1 හෝ 2) අනුව දෙවැනි වටයේ දී ඔවුන්ට හිමි වන ස්ථානය තීරණය වනවා. ඒ අනුව පළමු ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම D1 ලෙසත්, දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම D2 ලෙසත් සලකනු ලබනවා.
සුපිරි 8 වටයේ දී කාණ්ඩ දෙකේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා රටවල් 4 අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගන්නවා. අවසන් මහා තරගය ජූනි 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.
තරග පැවැත්වෙන ක්‍රීඩාංගන
9 වැනි වරටත් පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඇමරිකාවේ ක්‍රීඩාංගන තුනකදී ද, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රීඩාංගන හයකදී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඇමෙරිකාවේ පැවැත්වෙන තරග 16 පැවැත්වෙන්නේ Lauderhill, Dallas හා New York හී දී යි. කැරිබියන් දූපත් හී දී පැවැත්වීමට නියමිතව ඇති තරග ගනණ 39 ක්. එම තරග Bridgetown, Providence, North Sound, Gros Islet, Kingstown හා Tarouba හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අයහපත් කාළගුණයෙන් තරගයකට බලපෑම් එල්ල වුණොත්?
මූලික වටයේ දී හා සුපිරි 8 වටයේ දී තරගයකට වර්ෂාව හෝ අයහපත් කාළගුණයෙන් බලපෑම් එල්ල වුවහොත්, තරගයේ ප්‍රතිපලයක් ලබා ගැනීමටනම් කණ්ඩායම් දෙකම අවම වශයෙන් පන්දුවාර 5 බැගින් පන්දුවට පහර දී තිබිය යුතුයි.
කෙසේ වෙතත්, අවසන් පූර්ව වටයේ තරගවලදී හා අවසන් මහා තරගයේ දී තරගයක් ප්‍රතිපලයක් සහිතව අවසන් කර ගැනීමටනම් කණ්ඩායම් දෙකම අවම වශයෙන් පන්දුවාර 10 බැගින් ක්‍රීඩා කර තිබිය යුතු වනවා.
අතිරේක දින
පළමු අවසන් පූර්ව තරගයට හා අවසන් මහා තරගයට පමණක් මෙවර අතිරේක දින වෙන් කර තිබීම විශේෂත්වයක්. දෙවැනි අවසන් පූර්ව තරගය හා අවසන් තරගය අතර පරතරය එක් දිනක් පමණක් වීම හේතුවෙන් එම තරගය සදහා අතිරේක දිනයක් ප්‍රකාශයට පත් කර නැහැ.
අවසන් පූර්ව තරග දෙක සදහාම අතිරේක මිනිත්තු 250 ක කාලයක් බැගින් ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා. පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන ජූනි 26 වැනිදා සදහා මිනිත්තු 60 ක අතිරේක කාලයක් වෙන් කර ඇති අතර, ජූනි 27 වැනිදා අතිරේක දිනයට මිනිත්තු 190 ක අතිරේක කාලයක් වෙන් කර තිබෙනවා.
දෙවැනි අවසන් පූර්ව තරගය ජූනි 27 වැනිදා පැවැත්වෙන අතර, අතිරේක මිනිත්තු 250 ක කාලය එම දිනය සදහා වලංගු වනවා. ජූනි 29 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ අතිරේක දිනය ලෙස ජූනි 30 වැනිදා යොදා ගෙන ඇති අතර, එම දින දෙක සදහාම මිනිත්තු 190 ක අතිරේක කාලයක් වෙන් කර තිබෙනවා.
මේ අතර, ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගතහොත් ඔවුන් දෙවැනි අවසන් පූර්ව තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව ද අයි.සී.සීය සදහන් කළා.
තරගාවලිය විකාශය කෙරෙන අයුරු
Star Sports මාධ්‍ය ජාලය මෙවර ලෝක කුසලාන තරගාවලියේ ද නිල රූපවාහිනී විකාශන සමාගම ලෙස කටයුතු කරනවා. ඒ අනුව මෙරට Dialog TV හා Peo TV පාරිභෝගිකයින්ට Star Sports නාලිකා හරහා තරග නැරඹිය හැකියි.
ශ්‍රී ලංකාව තුළ තරගාවලිය විකාශය කිරීමේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ Maharaja TV මාධ්‍ය ජාලයටයි. ඒ අනුව TV1, Sirasa, හා Shakti TV ඔස්සේ තරග විකාශය කිරීමට කටයුතු යොදා ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.
එමෙන්ම ඩිජිටල් විකාශන අයිතිය ද Maharaja TV මාධ්‍ය ජාලය සතු වන බැවින් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ද තරග විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ICC TV යෙදුම (app) ඔස්සේ ද ලෝක කුසලාන තරගාවලිය මෙරට ප්‍රේක්ෂකයින්ට නැරඹිය හැකියි.
ශ්‍රී ලංකා තරග කාලසටහන – (ශ්‍රී ලංකාවේ වේලාවෙන්)
- Sri Lanka v South Africa, New York – 3 June 2024, 8:00 PM
- Sri Lanka v Bangladesh, Dallas – 8 June 2024, 6:00 AM
- Sri Lanka v Nepal, Florida – 12 June 2024, 5:00 AM
- Sri Lanka v Netherlands, St. Lucia – 17 June 2024, 6:00 AM
තරග කාලසටහන
- Sat, 1 June 2024 – USA v CANADA, Dallas, 07:30 PM LOCAL
- Sun, 2 June 2024 – WEST INDIES v PAPUA NEW GUINEA, Guyana, 10:30 AM LOCAL
- Sun, 2 June 2024 – NAMIBIA v OMAN, Barbados, 08:30 PM LOCAL
- Mon, 3 June 2024 – SL v SOUTH AFRICA, New York, 09:30 AM LOCAL
- Mon, 3 June 2024 – AFGHANISTAN v UGANDA, Guyana, 08:30 PM LOCAL
- Tue, 4 June 2024 – ENGLAND v SCOTLAND, Barbados, 10:30 AM LOCAL
- Tue, 4 June 2024 – NETHERLANDS v NEPAL, Dallas, 10:30 AM LOCAL
- Wed, 5 June 2024 – INDIA v IRELAND, New York, 09:30 AM LOCAL
- Wed, 5 June 2024 – PAPUA NEW GUINEA v UGANDA, Guyana, 07:30 PM LOCAL
- Wed, 5 June 2024 – AUSTRALIA v OMAN, Barbados, 08:30 PM LOCAL
- Thur, 6 June 2024 – USA v PAKISTAN, Dallas, 10:30 AM LOCAL
- Thur, 6 June 2024 – NAMIBIA v SCOTLAND, Barbados, 03:00 PM LOCAL
- Fri, 7 June 2024 – CANADA v IRELAND, New York, 09:30 AM LOCAL
- Fri, 7 June 2024 – NEW ZEALAND v AFGHANISTAN, Guyana, 07:30 PM LOCAL
- Fri, 7 June 2024 – SRI LANKA v BANGLADESH, Dallas, 07:30 PM LOCAL
- Sat, 8 June 2024 – NETHERLANDS v SOUTH AFRICA, New York, 09:30 AM LOCAL
- Sat, 8 June 2024 – AUSTRALIA v ENGLAND, Barbados, 01:00 PM LOCAL
- Sat, 8 June 2024 – WEST INDIES v UGANDA, Guyana, 08:30 PM LOCAL
- Sun, 9 June 2024 – INDIA v PAKISTAN, New York, 09:30 AM LOCAL
- Sun, 9 June 2024 – OMAN v SCOTLAND, Antigua, 01:00 PM LOCAL
- Mon, 10 June 2024 – SOUTH AFRICA v BANGLADESH, New York, 09:30 AM LOCAL
- Tue, 11 June 2024 – PAKISTAN v CANADA, New York, 09:30 AM LOCAL
- Tue, 11 June 2024 – SRI LANKA v NEPAL, Florida, 07:30 PM LOCAL
- Tue, 11 June 2024 – AUSTRALIA v NAMIBIA, Antigua, 08:30 PM LOCAL
- Wed, 12 June 2024 – USA v INDIA, New York, 09:30 AM LOCAL
- Wed, 12 June 2024 – WEST INDIES v NEW ZEALAND, Trinidad, 08:30 PM LOCAL
- Thur, 13 June 2024 – ENGLAND v OMAN, Antigua, 03:00 PM LOCAL
- Thur, 13 June 2024 – BANGLADESH v NETHERLANDS, St. Vincent, 10:30 AM LOCAL
- Thur, 13 June 2024 – AFGHANISTAN v PAPUA NEW GUINEA, Trinidad, 08:30 PM LOCAL
- Fri, 14 June 2024 – USA v IRELAND, Florida, 10:30 AM LOCAL
- Fri, 14 June 2024 – SOUTH AFRICA v NEPAL, St. Vincent, 07:30 PM LOCAL
- Fri, 14 June 2024 – NEW ZEALAND v UGANDA, Trinidad, 08:30 PM LOCAL
- Sat, 15 June 2024 – INDIA v CANADA, Florida, 10:30 AM LOCAL
- Sat, 15 June 2024 – NAMIBIA v ENGLAND, Antigua, 01:00 PM LOCAL
- Sat, 15 June 2024 – AUSTRALIA v SCOTLAND, St. Lucia, 08:30 PM LOCAL
- Sun, 16 June 2024 – PAKISTAN v IRELAND, Florida, 10:30 AM LOCAL
- Sun, 16 June 2024 – BANGLADESH v NEPAL, St. Vincent, 07:30 PM LOCAL
- Sun, 16 June 2024 – SRI LANKA v NETHERLANDS, St. Lucia, 08:30 PM LOCAL
- Mon, 17 June 2024 – NEW ZEALAND v PAPUA NEW GUINEA, Trinidad, 10:30 AM LOCAL
- Mon, 17 June 2024 – WEST INDIES v AFGHANISTAN, St. Lucia, 08:30 PM LOCAL
- Wed, 19 June 2024 – A2 v D1, Antigua, 10:30 AM LOCAL
- Wed, 19 June 2024 – B1 v C2, St. Lucia, 08:30 PM LOCAL
- Thur, 20 June 2024 – C1 v A1, Barbados, 10:30 AM LOCAL
- Thur, 20 June 2024 – B2 v D2, Antigua, 08:30 PM LOCAL
- Fri, 21 June 2024 – B1 v D1, St. Lucia, 10:30 AM LOCAL
- Fri, 21 June 2024 – A2 v C2, Barbados, 08:30 PM LOCAL
- Sat, 22 June 2024 – A1 v D2, Antigua, 10:30 AM LOCAL
- Sat, 22 June 2024 – C1 v B2, St. Vincent, 08:30 PM LOCAL
- Sun, 23 June 2024 – A2 v B1, Barbados, 10:30 AM LOCAL
- Sun, 23 June 2024 – C2 v D1, Antigua, 08:30 PM LOCAL
- Mon, 24 June 2024 – B2 v A1, St. Lucia, 10:30 AM LOCAL
- Mon, 24 June 2024 – C1 v D2, St. Vincent, 08:30 PM LOCAL
- Wed, 26 June 2024 – Semi 1, Trinidad and Tobago (reserve day 27 June), 10:30 AM LOCAL
- Thur, 27 June 2024 – Semi 2, Guyana, 08:30 PM LOCAL
- Sat, 29 June 2024 – Final, Barbados, 10:00 AM LOCAL