Ultimate magazine theme for WordPress.

ක්‍රීඩකයින් 5 දෙනෙකුට පාකිස්තානයෙන් සුදු හා රතු පන්දු කොන්ත්‍රාත්

නවතම ජාත්‍යන්තර කොන්ත්‍රාත් ගිවිසුම් හිමි කර ගත් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අද(30) නිවේදනය කළා.

සීමිත පන්දුවාර තරඟ සඳහා සහ ටෙස්ට් තරග සඳහා මෙවර වෙන වෙනම කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනමා තිබීම විශේෂත්වයක්.

බබාර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ ශහීන් ශාහ් අෆ්රිඩි යන ක්‍රීඩකයින්ට සුදු පන්දු (සීමිත පන්දුවාර) සහ රතු පන්දු (ටෙස්ට්) යන දෙඅංශයේම A කාණ්ඩය යටතේ කොන්ත්‍රාත් හිමිව තිබෙනවා

සුදු පන්දු සහ රතු පන්දු දෙඅංශයෙන්ම කොන්ත්‍රාත් හිමිව ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ හසන් අලී සහ ඉමාම් උල් හක් පමණයි.

මීට අමතරව තවත් ක්‍රීඩකයින් 10 දෙනෙකුට රතු පන්දු කොන්ත්‍රාත් ද, ක්‍රීඩකයින් 11 දෙනෙකුට සුදු පන්දු කොන්ත්‍රාත් ද පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

හෙට(1) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම නව කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනමා ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කොන්ත්‍රාත් පිරිනමා ඇති ආකාරය පහතින් –

RED AND WHITE-BALL CONTRACTS (5):

Babar Azam, Mohammad Rizwan, Shaheen Shah Afridi (all Category A), Hasan Ali (red-ball Category B, white-ball Category C) and Imam-ul-Haq (red-ball Category C, white-ball Category B)

RED BALL CONTRACTS (10):

Category A – Azhar Ali

Category B – Fawad Alam

Category C – Abdullah Shafique, Naseem Shah and Nauman Ali

Category D – Abid Ali, Sarfaraz Ahmed, Saud Shakeel, Shan Masood and Yasir Shah

WHITE-BALL CONTRACTS (11):

Category A – Fakhar Zaman and Shadab Khan

Category B – Haris Rauf

Category C – Mohammad Nawaz

Category D – Asif Ali, Haider Ali, Khushdil Shah, Mohammad Wasim Jnr, Shahnawaz Dahani, Usman Qadir and Zahid Mehmood

EMERGING CONTRACTS (7):

Ali Usman (Southern Punjab), Haseebullah (Balochistan), Kamran Ghulam (Khyber Pakhtunkhwa), Mohammad Haris (Khyber Pakhtunkhwa), Mohammad Huraira (Northern), Qasim Akram (Central Punjab) and Salman Ali Agha (Southern Punjab).