Ultimate magazine theme for WordPress.

ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් සංචිත සකස් කර ගත් IPL කණ්ඩායම් 4 හි සංචිත මෙන්න

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඉරිදා(13) නිමා වුණා.

තරගාවලියට එක් වන එක් කණ්ඩායමකට උපරිම වශයෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර ගත හැකියි.

ඊට ඇතුළත් විය හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව වන්නේ 8ක්.

ඒ අනුව සංචිතයකට මිලදී ගත හැකි උපරිම ක්‍රීඩකයින් ප්‍රමාණය මිලදී ගැනීමට ක්‍රීඩක වෙන්දේසිය අවසන් වන විට කණ්ඩායම් 4 කට මෙවර අවස්ථාව උදා වුණා.

චෙන්නායි සුපර් කිංග්ස්, කොල්කටා නයිට් රයිඩර්ස්, මුම්බායි ඉන්දියන්ස් හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් එලෙස ක්‍රීඩක වෙන්දේසිය නිමා වන විට සිය සම්පූර්ණ සංචිතය ක්‍රීඩකයින් 25 දක්වා ඉහළ නංවා ගත්තා.

ක්‍රීඩක වෙන්දේසියේ දී හා ඊට පෙර සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩකයින් සහිතව ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් සංචිත මේ වන විට සකස් කර ගෙන ඇති කණ්ඩායම් 4ට ඇතුළත් ක්‍රීඩකයින් පිළිබදවයි මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ.

  • Chennai Super Kings :

වෙන්දේසියට පෙර රදවා ගත් ක්‍රීඩකයින් – Ravindra Jadeja, MS Dhoni, Moeen Ali, Ruturaj Gaikwad

වෙන්දේසියේ දී මිලදී ගත් දේශීය ක්‍රීඩකයින් –

Robin Uthappa, Ambati Rayudu, Deepak Chahar, C.Hari Nishaanth, N. Jagadeesan, K.M. Asif, Tushar Deshpande, Shivam Dube, Rajvardhan Hangargekar, Simarjeet Singh, Subhranshu Senapati, Mukesh Choudhary, Prashant Solanki, K.Bhagath Varma

වෙන්දේසියේ දී මිලදී ගත් විදෙස් ක්‍රීඩකයින් –

Dwayne Bravo, Chris Jordan, Maheesh Theekshana, Devon Conway, Dwaine Pretorius, Mitchell Santner, Adam Milne

  • Kolkata Knight Riders :

වෙන්දේසියට පෙර රදවා ගත් ක්‍රීඩකයින් – Andre Russell, Varun Chakravarthy, Venkatesh Iyer, Sunil Narine

වෙන්දේසියේ දී මිලදී ගත් දේශීය ක්‍රීඩකයින් –

Shreyas Iyer, Nitish Rana, Umesh Yadav, Shivam Mavi , Sheldon Jackson, Ajinkya Rahane, Rinku Singh, Anukul Roy, Rasikh Dar, Baba Indrajith, Abhijeet Tomar, Aman Khan, Ramesh Kumar, Pratham Singh, Ashok Sharma

වෙන්දේසියේ දී මිලදී ගත් විදෙස් ක්‍රීඩකයින් –

Pat Cummins, Chamika Karunaratne, Sam Billings, Alex Hales, Tim Southee, Mohammad Nabi

  • Mumbai Indians :

වෙන්දේසියට පෙර රදවා ගත් ක්‍රීඩකයින් – Rohit Sharma, Jasprit Bumrah, Suryakumar Yadav, Kieron Pollard

වෙන්දේසියේ දී මිලදී ගත් දේශීය ක්‍රීඩකයින් –

Ishan Kishan, Anmolpreet Singh, Basil Thampi, Murugan Ashwin, Jaydev Unadkat, Mayank Markande, N. Tilak Varma, Sanjay Yadav, Ramandeep Singh, Aryan Juyal, Rahul Buddhi, Hrithik Shokeen, Mohd. Arshad Khan, Arjun Tendulkar

වෙන්දේසියේ දී මිලදී ගත් විදෙස් ක්‍රීඩකයින් –

Dewald Brevis, Jofra Archer, Daniel Sams, Tymal Mills, Tim David, Fabian Allen, Riley Meredith

  • Punjab Kings : 

වෙන්දේසියට පෙර රදවා ගත් ක්‍රීඩකයින් – Arshdeep Singh, Mayank Agarwal

වෙන්දේසියේ දී මිලදී ගත් දේශීය ක්‍රීඩකයින් –

Shikhar Dhawan, Rahul Chahar, Harpreet Brar, Shahrukh Khan, Jitesh Sharma, Prabhsimran Singh, Ishan Porel, Sandeep Sharma, Raj Angad Bawa, Rishi Dhawan, Prerak Mankad, Atharva Taide, Vaibhav Arora, Writtick Chatterjee, Baltej Dhanda, Ansh Patel

වෙන්දේසියේ දී මිලදී ගත් විදෙස් ක්‍රීඩකයින් –

Benny Howell, Bhanuka Rajapaksa, Nathan Ellis, Odean Smith, Liam Livingstone, Jonny Bairstow, Kagiso Rabada

Leave a comment
logo