Ultimate magazine theme for WordPress.

ක්‍රීඩකයින් මත්පැන් සාදයක් පැවැත්වූවාද? ක්‍රිකට් ආයතනය පිළිතුරු දෙයි

නිමා වූ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරගයට පෙර දින රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැදී සිටි හෝටලයේ දී ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් මත්පැන් සාදයක් පවත්වා ඇති බවට සති අන්ත පුවත්පතක් (ජූලි 7) වාර්තා කර ඇති පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කරමින් මේ වන විට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ අදාළ ලිපියේ අන්තර්ගතය තම ආයතනය විසින් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

අදාළ පුවතෙහි වාර්තා කර ඇති පරිදි එවැනි සිදුවීම් කිසිවක් සිදුවී නොමැති බව තහවුරු කරන බව ද ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය, ගොතන ලද සහ පදනම් විරහිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ නිවේදනය ඔස්සේ සදහන් කර ඇත්තේ.

මෙවැනි අසත්‍ය වාර්තා කිරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ, එහි නිලධාරීන්ගේ සහ ක්‍රීඩකයින්ගේ කීර්ති නාමයට අසාධාරණ ලෙස හානි සිදු කරන බව ද ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

Media Release

9th July 2024

Sri Lanka Cricket (SLC) wishes to issue the following clarification regarding an inaccurate article titled “Drinking Party Inside Team Hotel Before South Africa Match?” published in a weekend newspaper on July 7th and subsequently circulated on social media.

SLC categorically and strongly refutes the contents of the article and confirms that no such incidents, as described, have occurred. Therefore, SLC states unequivocally that the news report is entirely false, fabricated, and baseless.

We vehemently believe that such false reporting unfairly damages the reputation of Sri Lanka Cricket, its officials, and the players.

In light of the said false allegations, Sri Lanka Cricket has requested that the respective newspaper publish a ‘Right of Reply’ to address and rectify the damage caused to Sri Lanka Cricket.

Leave a comment