ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉවත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආසියානු කුසලාන සංචිතය නිවේදනය කරයි

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(20) දහවල් නිල වශයෙන් නිවේදනය කළා.
ඊයේ (19) දිනයේ දී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ආසියානු කුසලානය සදහා වන ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කළ නමුත්, ඊට ඇතුළත්ව සිටි බිනුර ප්‍රනාන්දුට හා කසුන් රාජිතට මෙම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ඔවුන් මුහුණ දුන් ආබාධ හේතුවෙන් එම ක්‍රීඩකයින් දෙදෙනොට ආසියානු කුසලාන තරගාවලිය අහිමි වී ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.
ඒ අනුව ඔවුන් වෙනුවට අසිත ප්‍රනාන්දු හා ප්‍රමෝද් මදුෂාන් ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
ඒ සදහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් එම ක්‍රීඩකයින් දෙදෙනාගේ නම් පසුගිය 16 වැනිදා අමාත්‍යවරයා වෙත යොමු කළ බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.
මේ අතර, ආසියානු කුසලානය සදහා වන ශ්‍රී ලංකා සංචිතය පසුගිය 10 වැනිදා තෝරා ගෙන අවසන්ව තිබූ බවත්, එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා පසුගිය 12 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශය වෙත යොමු කර තිබූ බවත් ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.
ඒ, අදාළ ලියකියවිලි තමාට ඊයේ (19) දිනයේදී ලද බවටත්, ඒ සදහා තමා පැයක කාලයක් තුළදී අනුමැතිය ලබා දුන් බවටත් ක්‍රීඩා අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇති පසුබිමකයි.
I completely refuse the allegation of the news published today (19) on some Media channels regarding the team that selected for Asia cup and I would like to say that I only received the documents today (19/08) and within 1 hour I gave my approval. @adaderanasin @NewsWireLK
— Roshan Ranasinghe (@R_A_Ranasinghe) August 19, 2022
ලබන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 24 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචිතය –
1.) Dasun Shanaka – Captain
2.) Danushka Gunathilaka
3.) Pathum Nissanka
4.) Kusal Mendis – Wicket Keeper/Batsman
5.) Charith Asalanka – Vice Captain
6.) Bhanuka Rajapaksa – Wicket Keeper/Batsman
7.) Ashen Bandara
8.) Dhananjaya de Silva
9.) Wanindu Hasaranga
10.) Maheesh Theekshana
11.) Jeffrey Vandersay
12.) Praveen Jayawickrama
13.) Chamika Karunaratne
14.) Dilshan Madushanka
15.) Matheesha Pathirana
16.) Nuwanidu Fernando
17.) Dushmantha Chameera
18.) Dinesh Chandimal – Wicket Keeper/Batsman
19.) Binura Fernando – Selected, but will not tour owing to an injury sustained during the SLC Invitational T20 League 2022
20.) Kasun Rajitha – Selected, but will not tour owing to an injury sustained during the SLC Invitational T20 League 2022
01) Asitha Fernando – In for Binura Fernando
02) Pramod Madushan – In for Kasun Rajitha