ක්‍රිකට් වැටුණේ යටි අරමුණු නිසා ද? මැතිව්ස්ගෙන් හිටපු තේරීම් කමිටුවට ප්‍රහාරයක්

ක්‍රීඩකයින් හෝ තේරීම් කමිටුව යටි අරමුණු සමග කටයුතු කරන්නේනම් එහි ප්‍රතිපල කණ්ඩායමේ ජයග්‍රාහී මාවතට බලපෑම් එල්ල කරන බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පත්ව සිටින තත්ත්වයට සියලු දෙනා වගකිව යුතු බවයි මැතිව්ස් සදහන් කළේ.
ශ්‍රී ලංකා-සිම්බාබ්වේ පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු තුනක තියුණු ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.
තමා දක්ෂතා දක්වමින් සිටියද පැවැති තේරීම් කමිටුව විසින් තමාට සීමිත පන්දුවාර තරග රටා සදහා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලබා නොදුන් බව මැතිව්ස් පෙන්වා දුන්නා.