Update : ‘මම මැරිලා නෑ, හොදින් ජීවත් වෙනවා’ හීත් ස්ට්‍රික් මිය ගිය පුවත අසත්‍යක්

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයෙකු හා පුහුණුකරුවෙකු වන හීත් ස්ට්‍රික් අභාවප්‍රාප්ත වී ඇති බවට පල වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව සිම්බාබ්වේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Henry Olonga පවසනවා.
ට්විටර් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කළේ හීත් ස්ට්‍රික් ජීවතුන් අතර සිටින බවයි.
ඔහු හා හීත් ස්ට්‍රික් අතර සිදු වූ වට්ස්ඇප් පණිවිඩ හුවමාරුවක් ද ඔහු සාක්ෂි වශයෙන් ට්විටර් සටහනට එක් කර තිබෙනවා.
I can confirm that rumours of the demise of Heath Streak have been greatly exaggerated. I just heard from him. The third umpire has called him back. He is very much alive folks. pic.twitter.com/LQs6bcjWSB
— Henry Olonga (@henryolonga) August 23, 2023
කෙසේ වෙතත්, මීට පෙර හීත් ස්ට්‍රික් මියගොස් ඇති බව ද Henry Olonga විසින් සිය ට්විටර් ගිිණුමේ මෙලෙස සටහන් කර තිබුණා.
“Sad news coming through that Heath Streak has crossed to the other side. RIP @ZimCricketv legend. The greatest all-rounder we produced. It was a pleasure playing with you. See you on the other side when my bowling spell comes to an end,”
මේ වන විට හීත් ස්ට්‍රික් ද මෙම අසත්‍ය පුවත පිළිබද අදහස් දක්වමින් සිය කනගාටුව පල කර තිබෙනවා.
“It’s a total rumour & lie – I am alive & well, I am very upset to learn that something as big as someone apparently passing can be spread unverified especially in our day & age – I believe the source should apologise, I am hurt by the news”
යනුවෙන් ඔහු සදහන් කර තිබෙනවා.
49 වන වියේ පසු වන හීත් ස්ට්‍රික් පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවට මෙම වසර මුලදී අනාවරණය වී තිබූ අතර, ඔහු ඒ සදහා දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.
සිම්බාබ්වේ දේශය වෙනුවෙන් ක්‍රීඩා කළ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන හීත් ස්ට්‍රික් එරට කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 65 ක් හා එක්දින තරග 189 ක් ක්‍රීඩා කර තිබෙනවා.
සිම්බාබ්වේ වෙනුවෙන් කඩුලු 100 ක් දවා ගත් පළමු ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි. 2000 වසරේ සිට 2004 වසර දක්වා හීත් ස්ට්‍රික් සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.
ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 4,933 ක් වාර්තා කර ඇති ඔහු කඩුලු 445 ක් දවා ගැනීමට ද සමත් වුණා.
2021 වසරේ දී දූෂන චෝදනා හේතුවෙන් හීත් ස්ට්‍රික්ට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් වසර 8 ක තහනමක් පනවනු ලැබුවා.
(Henry Olonga පල කළ දෙවැනි ට්විටර් පණිවිඩයෙන් පසුව මෙම පුවත යාවත්කාලීන කරන ලදී.)