Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි පෙත්සමට අද වුණ දේ

ADVERTISEMENT

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොණු කෙරුණු පෙත්සම සලකා බැලීම සඳහා යළිත් නව විනිසුරු මඩුල්ලක් අද (16) පත් කෙරුණා.

ඒ, එම පෙත්සම විභාගයට පත් කළ විනිසුරු මඩුල්ලෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත්වීම හේතුවෙන්.

අදාළ පෙත්සම ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් යුත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අතර, එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල මහතා කියා සිටියේ තමන් මෙම පෙත්සම විභාගයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.

ඒ අනුව මෙම පෙත්සම විභාගය සදහා නව විනිසුරු මඩුල්ලක් නම් කිරීමට, අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වෙත යොමු කෙරුණා.

එහිදී එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී එන් සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමටයි නියම කෙරුණේ.

මෙම නඩු විභාගයෙන් මේ වන විට විනිසුරුවන් තිදෙනෙකු ඉවත්ව තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය පිළිබද එළඹෙන සදුදා වනතුරු ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ලබා දුන් පොරොන්දුවකට අනුව එම අතුරු කමිටුවේ කටයුතු වළක්වමින් පනවා ඇති වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට ද අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව පෙත්සම සලකා බැලීම එළඹෙන 20 වැනි සඳුදා තෙක් කල් තැබුණා.

Leave a comment