Ultimate magazine theme for WordPress.

කසුන් රාජිතට එංගලන්තයෙන් ගිවිසුමක්

එංගලන්තයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය වන County Championship තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට හිමිව තිබෙනවා.

ඒ, ඔහු මෙවර තරගාවලිය යටතේ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම ක්‍රීඩා කරන මීළග තරග පහ ක්‍රීඩා කිරීම වෙනුවෙන් ගිවිසුම්ගත වීමත් සමගයි.

එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්.

31 හැවිරිදි රාජිත ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 18 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 55 ක් දවා ගෙන තිබෙනවා.

මෙම ගිවිසුම් ගත වීම සම්බන්ධයෙන් කසුන් රාජිත මෙලෙස අදහස් පල කළා.

“It is a really proud moment for me to be joining Essex.

“I have followed the team over the years, and they have always produced excellent and entertaining first-class cricket.

“I am joining a strong bowling unit and look forward to contributing on the field and helping the team win matches.

“I would like to thank Chris Silverwood for giving me this opportunity and Sri Lanka Cricket for allowing me to further hone my skills.”