Ultimate magazine theme for WordPress.

කවාජාගේ හා ස්මිත්ගේ අර්ධ ශතකවලින් පසු පාකිස්තානය යළි සටනට අවතීර්ණ වෙයි

Day 1 Report

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(21) ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, දිනය නිමා වන විට ඔවුන් සිය පළමු ඉනිම සදහා කඩුලු 5ක් දැවී ලකුණු 232ක් ලබා සිටියා.

ඉනිමේ තුන්වැනි පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ ශහීන් ශාහ් අෆ්රිඩි ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 7කටත්, මර්නස් ලබුෂේන් ලකුණු නොලබා සිටියදීත් දවා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, අනතුරුව තෙවැනි කඩුල්ල සදහා උස්මාන් කවාජා හා ස්ටීවන් ස්මිත් අතරේ ගොඩ නැගුණු සබදතාවය ලකුණු 138ක්.

ස්මිත් හතරේ පහර 6ක් සමගින් ලකුණු 59ක් රැස් කර සිටියදී දැවී ගියේ නසීම් ශාහ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

ශතකය ආසන්නයටම පැමිණි කවාජා ලකුණු 91ක් ලබා සිටියදී දැවී ගියා. ඒ, සජිඩ් ඛාන් යොමු කළ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි බබාර් අසාම් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙන්. (දර්ශන පහතින්)

ට්‍රැවිස් හෙඩ් ලකුණු 26යි. කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 20ක් ද, ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 8ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ශහීන් අෆ්රිඩි හා නසීම් ශාහ් කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, සජිඩ් ඛාන් එක් කඩුල්ලක් දවා ගත්තා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරග දෙකම නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.