කලම්බු සුපර් කිංග්ස් ඇතුළු LPL කණ්ඩායම් පහේ නම් මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් තරගාවලිය එළඹෙන 28 වනදා සිට සැප්තැම්බර් 20 දක්වා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.

විදෙස් ක්‍රීඩකයින් 143 දෙනෙකු තරගාවලියට එක්වීමට කැමැත්ත පල කර ඇති බවටයි මීට පෙර තොරතුරු වාර්තා වුණේ.

තරගාවලිය සදහා තරග 23ක් ඇතුළත් අතර, සියලු තරග ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුලු, පල්ලේකැලේ සහ සූරියවැව යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් 5ක් එක්වන බවත්, එම කණ්ඩායම් කොළඹ, නුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන නගර කේන්ද්‍ර කර ගනිමින් නම් කරන බවත් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඒ අනුව අදාළ කණ්ඩායම් සදහා යෝජිත නම් sunday times පුවත්පත වාර්තා කර තිබෙනවා.

Colombo Super Kings, Galle Lions, Kandy Royals, Jaffna Sunrises, Dambulla Capitals යන නම් ඒ සදහා යෝජනා කර ඇති බව සදහන්.

ලබන වසරේ සිට තවත් කණ්ඩායම් දෙකක් තරගාවලියට එක් කිරීමට නියමිත බවයි sunday times පුවත්පත වාර්තා කර ඇත්තේ.

You might also like