Ultimate magazine theme for WordPress.

කරච්චි කිංග්ස් නව පුහුණුකරු නිවේදනය කෙරේ

කරච්චි කිංග්ස් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රීඩක පිල් සිමන්ස් පත් කර තිබෙනවා.

ඒ, 2023 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකාවේ ජොහාන් බෝතා වෙනුවටයි.

2023 අදියරේ දී කිංග්ස් කණ්ඩායම තරග 10කින් ජය ගත්තේ තරග 3ක් පමණයි. කණ්ඩායම් 6ක් ක්‍රීඩා කළ තරගාවලියේ දී ඔවුන් හිමි කර ගත්තේ 5 වැනි ස්ථානයයි.

ටෙස්ට් තරග 26 ක් හා එක්දින තරග 143 ක් කොදෙව්වන් වෙනුවෙන් 1987 වසරේ සිට 1999 දක්වා ක්‍රීඩා කර ඇති සිමන්ස් මීට පෙර කොදෙව් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දරනු ලැබුවා.

ඔහු මේ වන විට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන Trinbago Knight Riders කණ්ඩායමේ හා ඇමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන LA Knight Riders කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

2024 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය පෙබරවාරි 13 වැනිදා සිට මාර්තු 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

නව පත්වීම සම්බන්ධයෙන් පිල් සිමන්ස් මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

“Returning to Karachi, a city I hold dear from my playing days, feels like a homecoming,”

“I am thrilled to join forces with Haider Azhar and the rest of the team’s think tank, drawing from the rich cricketing heritage of this country.

“I am thankful to team owner Salman Iqbal, CEO Tariq Wasi, and Karachi Kings management for this opportunity. We are eager to move ahead with our rebuilding and restart process of Karachi Kings and establish this franchise as a match-winning unit.”