Ultimate magazine theme for WordPress.

කණ්ඩායමේ සංයුතිය ගැන දසුන් පහදයි

නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී යොදා ගත් කණ්ඩායම් සංයුතියම ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ද යොදා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු, දග පන්දු යවන්නන් දෙදෙනෙකු හා වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමගින් කණ්ඩායමේ සංයුතිය සකස් වනු ඇති බවයි අද(8) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු සදහන් කළේ.

පැතුම් නිස්සංක ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට නියමිත නමුත්, ඔහු සමග ඉනිම ආරම්භ කරන අනෙක් පිතිකරුවා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දසුන් මෙම මාධ්‍ය හමුවේ දී කරුණු අනාවරණය කළේ නැහැ.

දර්ශන පහතින් –