කඩුලු 500 න් පසු අශ්වින් හදිසියේ ටෙස්ට් තරගය හැර යයි

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් එංගලන්තය සමග මේ දිනවල පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් හදිසියේ ඉවත්ව තිබෙනවා.
රාජ්කොට් හි පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (16) දිනය නිමා වීමෙන් පසුවයි ඔහු එලෙස තරගයෙන් ඉවත්ව ඇත්තේ.
පවුලේ වෛද්‍ය හදිසි තත්ත්වයක් හේතුවෙන් (family medical emergency) ඔහු මෙලෙස කණ්ඩායමෙන් ඉවත්ව ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.
ඒ අනුව තෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දින තුන ඉන්දියාවට ක්‍රීඩා කිරීමට සිදු වන්නේ ක්‍රීඩකයින් 10 දෙනෙකු සමගින් පමණයි.
අශ්වින් නොමැති බැවින් රවීන්ද්‍ර ජඩේජා හා කුල්දීප් යාදව් පමණක් ඉන්දීය කණ්ඩායමේ මේ වන විට දග පන්දු යවන්නන් ලෙස රැදී සිටිනවා.
ඊයේ දිනයේ දී අශ්වින් විසින් එංගලන්ත ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලිගේ කඩුල්ල දවා ගත් අතර, ඒ සමගින් ඔහු ඉතිහාසගත වුණේ ටෙස්ට් කඩුලු 500 ක් දවා ගත් ලොව 9 වැනි ක්‍රීඩකයා ලෙසයි.
අශ්වින්ගේ ඉවත් වීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය –